ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය



ආරම්භය හා ඉතිහාසය


  ආරම්භක දිනය - ක්‍රි.ව.2017 ජූලී 18 වන දින දකුණු කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේ ගිහි කාලයේ අවසන් කාල සීමාව අධ්‍යාපනය හදාරන ලද්දේ මතුගම සී/ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය මගිනි. එම පාසලේදී උන්වහන්සේගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ තුසිත ලක්මාල් කරවිට මහතා ස්ථිරව පදිංචි වී සිටිනුයේ ස්වීඩනයේය. එමෙන්ම මෙම පදනම පිහිටුවන කාල සීමාව තුලදී අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්වාමින්ද්‍රයන් වහන්සේ පදිංචිව සිටියේ මහා බ්‍රිතාන්‍යයේය. තුසිත ලක්මාල් කරවිට මහතා හා අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්වාමින්ද්‍රයන් වහන්සේ අතර පවත්නා කල්‍යාණ මිත්‍රත්වයෙහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් දෙදෙනාගේ අදහසක් හා යෝජනාවක් අනුව මෙම පදනම බිහි වූ අතර පදනමේ නාමය “ බෝසත් පාරමී පදනම” යනුවෙන් යෝජනා කරන ලද්දේ අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි. එමෙන්ම තමන් වහන්සේගේ කල්‍යාණමිත්‍රයෙකු වන මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් බෞද්ධ විහාරාධිකාරී අතිපූජ්‍යපාද කොහුකුඹුරේ සිරිධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේවත් මෙම පදනමට අනුශාසකවරයෙකු ලෙස බඳවා ගැනීමට අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් යෝජනා කල අතර ඒ සඳහා තුසිත ලක්මාල් කරවිට මහතාගේ ඩ එකගත්වය හිමිවන්නට විය.

ඒ අනුව තුසිත ලක්මාල් කරවිට මහතාගේ සභාපතිත්වයෙන් අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමියන් හා අතිපූජ්‍යපාද කොහුකුඹුරේ සිරිධම්ම හිමියන්ගේ අනුශාසකත්වයෙන් වසරක පමණ කාලයක් මෙම පදනම මගින් සුවිශාල කාර්ය භාරයක් සිදුකල අතර සභාපතිතුමා හා අනුශාසක හිමිවරු දෙනමම ලංකාවෙන් පිට වාසය කිරීම පදනමෙහි දීර්ඝ කාලීන පැවැත්මට විශාල බලපෑමක් එල්ල කරන්නට විය. කෙටි කලක් තුල සයිබර් අවකාශය තුල මෙන්ම කළුතර දිස්ත්‍රික්කය තුල කොයි කවුරුත් දන්නා කියන සමාජයට සුවිශාල මෙහෙවරක් කරන පදනමක් බවට මෙම පදනම පත් වූ අතර ඇතමුන්ගේ ඉර්ෂ්‍යාවට ද මෙම පදනම පත්වන්නට විය.

වසරක කාලයක් ඉතාමත් සක්‍රීය මට්ටමේ පැවති මෙම බෝසත් පාරමී පදනම ඉන්පසුව අක්‍රිය මට්ටමට පත්විය. නමුත් මුල් වසර තුල සභාපති තුසිත ලක්මාල් කරවිට මහතාගේ අප්‍රතිහත කැපවීම උනන්දුව හා එතුමාගේ පවත්නා සමාජ සහසම්බන්ධතාවයන් මත ලෝකය පුරා විහිදී ගිය සාමාජිකත්වය මගින් වසර ගණනාවක වැඩකටයුතු වසරකදී සිදුකිරීමට බෝසත් පාරමී පදනමට හැකිවීම සතුටට කරුණකි. එමෙන්ම සයිබර් අවකාශයෙහි සමාජ ජාලා වෙබ් අඩවියට නව අරුතක් එකතු කරමින් ලෝක ඉතිහාසයෙහි ප්‍රථම වතාවට බිහි වූ සමාජ මෙහෙවරක ගෞරවණිය අභිමානය ...” බෝසත් පාරමී පදනම” ලෙසින් ඉතිහාසයට එකතු වී හමාරය.

* ආරම්භක වර්ෂයේ ප්‍රධාන නිලධාරි මඩුල්ල.

  ආරම්භක වර්ෂයේ අනුශාසක මණ්ඩලය - අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමියන් හා අතිපූජ්‍යපාද කොහුකුඹුරේ සිරිධම්ම හිමියන්

  ආරම්භක වර්ෂයේ සභාපති - තුසිත ලක්මාල් කරවිට මහතා

  ආරම්භක වර්ෂයේ ලේකම්වරු - අමිල නිරෝෂන් මහතා / දේවින්දි විජේසූරිය මහත්මිය

  ආරම්භක වර්ෂයේ භාණ්ඩාගාරිකවරු - රසික බුද්ධික විතාන මහතා / කොඩිප්පිලි ගුරු මෑණියන්

  ආරම්භක වර්ෂයේ මාධ්‍ය ලේකම් - නිපුන අබේකෝන් මහතා

  ප්‍රථම ව්‍යාපෘතිය -“බුද්ධෝ විය මාතා” යන උතුම් බුදුවදනට අනුව බුදු පදවියට සමාන වූ උත්තරීතර මව් පදවිය උදෙසා පෙරුම් පුරනා පිනැති ගර්භණි මාතාවන් වෙනුවෙන් පිරිනැමෙන ගර්භණි මාතෘ උපහාරය ( 2017 ක් වූ අගෝස්තු මස 23 වන සෙනසුරාදා දින දකුණු කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානයේදී පවත්වන්නට විය )

ප්‍රති සංවිධානය


  අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්වාමින්ද්‍රයන් වහන්සේට තමන් වහන්සේ විසින් සිදුකරන ජාතික ආගමික සාමාජික සංස්කෘතික දේශීය විදේශීය මෙහෙවර තව තවත් සාර්ථකව සිදුකිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමේ අත්‍යවශ්‍යතාවය කලක සිට පැවතුණි.

ඒ අනුව 2017 වර්ෂයේදී ආරම්භ කල වසරක කාලයක් සක්‍රීය මට්ටමේ පැවති බෝසත් පාරමී පදනම ආරම්භ කිරීමට තුසිත ලක්මාල් කරවිට මහතා සමග මුලිකත්වය හා පුරෝගාමිත්වය ගෙන කටයුතු කල එමෙන්ම පදනමෙහි නාමය යෝජනා කරන ලද රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්වාමින්ද්‍රයන් වහන්සේ බෝසත් පාරමී පදනම යන නමට ඇති කැමැත්ත නිසාම තමන් වහන්සේ විසින් ආරම්භ කරන නව පදනම බෝසත් පාරමී පදනම යනුවෙන්ම ආරම්භ කරන්නට අදහස් කරණ ලදී.

ඒ අනුව උන්වහන්සේගේ සංසාරගත කල්‍යාණ මිත්‍රයන් හා සහෝදරයන් වන ප්‍රදීප් ලක්මාල් රණසිංහ මහතා, එච්.ඩි.හංසික සඳරුවන් හටන්ගල මහතා හා එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි මහතා යන අය සමගින් ඒ පිළිබඳව කතාබහ කල අතර ඔවුන්ගේ ප්‍රධාන සම්බන්ධතාවයන් ඇතිව තමන් වහන්සේගේ 38 වන ජන්ම දිනය දින ( 2021/10/23 ) අක්‍රීයව පැවති බෝසත් පාරමී පදනම නව නිළධාරි මඩුල්ලක් යටතේ ප්‍රතිසංවිධානය කොට නැවත ආරම්භ කරන ලදී.

එමෙන්ම පදනම ප්‍රතිසංවිධානය කොට යලි ස්ථාපිත කිරීමට අමතරව පදනමේ නමින්ම යුටියුබ් නම් අන්තර්ජාල මාධ්‍ය හරහා බෝසත් පාරමී රූපවාහිනිය නමින් අන්තර්ජාල රූපවාහිනී නාලිකාවක්ද එදිනම ආරම්භ කරන ලදී.

නිළධාරි මණ්ඩලය

  නිර්මාතෘවර හා ආරම්භක සභාපති - තුසිත ලක්මාල් කරවිට මහතා

  නිර්මාතෘවර හා විධායක අධ්‍යක්ෂක - අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමි.

  සම සභාපති - ප්‍රදීප් ලක්මාල් රණසිංහ මහතා

  මහා ලේකම් - එච්.ඩි.හංසික සඳරුවන් හටන්ගල මහතා

  ගණකාධිකාරී - එල්.ඒ. චමල්ක නිම්නාද ලියනාරච්චි මහතා

වර්තමානය



  දකුණු කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානය ප්‍රධාන මුලස්ථානය කොටගෙන සක්‍රිය පදනමක් ලෙසින් ක්‍රියාත්මක වේ.

අරමුණ හා දැක්ම



අරමුණ
අපා,දෙපා,තුන්පා, සිව්පා හා බහුපා යන සියළුම සත්වගට අපට හැකි උපරිමයෙන් සැපවත් ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය ආධාර උපකාර හා ශක්තිය ලබාදීම.


දැක්ම
පදනමේ තේමා පාඨයම පදනමේ දැක්ම වේ.
' සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ' - ' සියළුම සත්වයෝ සැපවත් වෙත්වා'



පදනමෙහි නිල ලාංඡනයෙන් ප්‍රකාශිත සංකේතාර්ථ

  • ධර්ම චක්‍රය - දැහැමි බව

  • නෙළුම් මල - පිරිසිදු බව

  • ජාතික කොඩිය - ශ්‍රී ලාංකික බව

  • බෞද්ධ කොඩිය - බෞද්ධත්වය

  • බෝ කොළය - කෘතවේදීත්වය, නොපසුබස්නා වීර්යය, කැපවීම, උසස් අරමුණකට ලගා වීමේදී මුහුණ දීමට සිදුවන බාධක මැඩගෙන ජයග්‍රහණය තෙක් අරමුණ අත නොහැරීම, උසස් අරමුණකට ගමන් කිරීමේදී තනි වුවද අරමුණ ජයගත් පසු සියල්ලන්ගේම ආශිර්වාදය ලැබෙන බව, මේ ආදී තව බොහෝ දේ මෙමගින් සංකේතවත් වේ.
    ( අප මහා බෝසතාණන් වහන්සේ කල්ප ගණනාවක් පෙරුම් පුරා සම්බුදු පදවියට පත්වන මොහොතේ සියළුම දෙනාම උන්වහන්සේව මහා වන මැද තනිකොට ගිය ද, මහා වන මැද සෙවණ හා රැකවරණය දුන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සිහිපත් කිරීම. බුදුවන මොහොතේ අන් කිසිවෙකු පිහිටට නොසිටිය ද බුදු වූ පසු දෙව් මිනිසුන් සියල්ලෝම උන්වහන්සේ වටා ඒකරාශී වීම. )

  • ලෝක ගෝලය - ලොව පුරා විසිරුණු සාමාජිකත්වය


විධායක සභාව හා සාමාජිකත්වය


විධායක සභාව

  සාමාජිකයන් හතර දෙනකුගෙන් සමන්විත වේ. එනම් 2020/10/23 වන දින පදනම ප්‍රතිසංවිධානය කිරීම සඳහා පුරෝගාමී වූවන් වන

01. නිර්මාතෘවර හා විධායක අධ්‍යක්ෂක - අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමි.

02. සම සභාපති - ප්‍රදීප් ලක්මාල් රණසිංහ මහතා

03. මහා ලේකම් - එච්.ඩි.හංසික සඳරුවන් හටන්ගල මහතා

04. ගණකාධිකාරී - එල්.ඒ. චමල්ක නිම්නාද ලියනාරච්චි මහතා යන අය වේ.

සාමාජිකත්වය

  ලොව ඕනෑම රටක වෙසෙන සමාජ මෙහෙවර කිරීමට කැමති සත්පුරුෂයන් සඳහා මෙම පදනමෙහි සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කිරීමට හැක. සාමාජිකත්වය ලබාදීම හෝ ලබානොදීම තීරණය කිරීමේ පුර්ණ බලය විධායක සභාව සතුවේ. එමෙන්ම සාමාජිකත්වය ලබාගන්නා සියල්ලන්ටම ප්‍රථමයෙන්ම සාමාන්‍ය සාමාජිකත්වය හිමිවන අතර සාමාජිකත්වයෙහි ක්‍රියාකාරිත්වය හා පැවැත්ම මත විධායක සභාවෙහි කැමැත්ත පරිදි එම සාමාන්‍ය සාමාජිකත්වය දිගටම එලෙසින් පවත්වා ගෙනයාම හෝ අහෝසි කිරීම හෝ එම සාමාන්‍ය සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වය දක්වා උසස් කිරීම හෝ සිදු කරනූ ලැබේ. ඒ පිළිබඳව අවසාන තීරණය ද විධායක සභාව සතුය.

එමෙන්ම මෙම පදනම ලොව කිසිම දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට සෘජුව හෝ වක්‍රව හෝ කිසිම ආකාරයකින් සම්බන්ධ නොවන අතර සාමාජිකත්වය තුල පවත්නා පෞද්ගලික දේශපාලන මතවාද පදනමෙහි කිසිම කටයුත්තකදී පාවිච්චි කිරීම සපුරා තහනම්ය. එමෙන්ම කිසිම නිළධාරියෙකු හෝ සාමාජිකයකු කිසිම දේශපාලන කටයුත්තකට පදනම පාවිච්චි නොකළ යුතුය.

බෝසත් පාරමී පදනමෙහි ගෞරවය ආරක්ෂා කරගනිමින් බෝසත් පාරමී පදනමෙහි ව්‍යවස්ථාවට ගරු කරමින් එමෙන්ම සාමාන්‍ය සාමාජිකත්වය දිගටම පවත්වා ගෙන යාම හෝ සාමාන්‍ය සාමාජිකත්වය අහෝසි කිරීම හෝ සාමාන්‍ය සාමාජිකත්වය යාවජිව සාමාජිකත්වය දක්වා උසස් කිරීම හෝ පිළිබඳව විධායක සභාව මගින් තමන්ගේ සාමාජිකත්වය සම්බන්ධව ගන්නා ඕනිම තීරණයකට ගරුකරමින්, හැකි උපරිම අයුරින් පදනමෙහි අභිවෘද්ධියට හා පදනම මගින් සිදුකරන කටයුතුවලදී සක්‍රීයව දායකත්වය ලබා දීම හා පදනමෙහි විධායක සභාවෙහි හා සෙසු සාමාජිකත්වයෙහි සමගිය හා ගෞරවය උපරිම ආරක්ෂා කරගැනීම සාමාජිකත්වයෙහි පරම වගකීමකි.

සමාජ මෙහෙවර හා ව්‍යපෘති



වාර්ෂික වැඩසටහන්

  •   ගමට රටට ලෝකයට සෙත්පතමින් විහාරස්ථ දායක සීමාව තුල ජංගම රථයකින් සෙත්පිරිත් දේශනා කරමින් වැඩම කිරීම.

  •   තෝරාගත් එක් දහම් පාසලක සම්පූර්ණ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දහම් ගුරු උපහාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

  •   බුදු පදවියට සමාන වූ උත්තරීතර මව් පදවිය උදෙසා පෙරුම් පුරනා පිනැති ගර්භණි මාතාවන් වෙනුවෙන් පිරිනැමෙන ගර්භණි මාතෘ උපහාරය ( අවශ්‍ය ද්‍රව්‍යමය හෝ මුල්‍යමය ආධාර පිරිනැමීම )

  •   රාවණා රජූ අනුස්මරණය කරමින් සිදුකරන විශේෂ උපහාර වැඩ සටහන.

  •   ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

  •   දුෂ්කර පලාත්වල දුෂ්කර විහාරස්ථාන සඳහා වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම.

  •   බෝසත් පාරමී රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යාම.

  •   කාලීන හා සමාජමය අවශ්‍යතා මත වැඩ සටහන් සංවිධානය කිරීම.


ආරම්භය හා ඉතිහාසය



   මෙම රූපවාහිනී නාලිකාව “ බෝසත් පාරමී පදනමේ ” මාධ්‍ය ඒකකය සතුය. බෝසත් පාරමී පදනම ප්‍රතිසංවිධානය කල 2021/10/23 වන දිනම මෙම නාලිකාව ආරම්භ කරන ලද්දේ රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් උන්වහන්සේගේ 38 වන ජන්ම දිනය වෙනුවෙනි.මෙම රූපවාහිනී නාලිකාව යුටියුබ් නම් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන අතර මෙමගින් දකුණු කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය, ඉසුරුපුර ශ්‍රී ඉන්දසර දහම් පාසල සහ බෝසත් පාරමී පදනම මගින් සිදුකරන ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් විකාශනය කිරීම ප්‍රධාන අපේක්ෂාව වේ.

එමෙන්ම ප්‍රදේශයේ විහාරස්ථාන හා දහම් පාසල් සම්බන්ධ කරගනිමින් ඒ ඒ විහාරස්ථානවල හා දහම් පාසල් වල වැඩසටහන් විකාශනය කිරීමටත් එමගින් රූපවාහිනී නාලිකාව හරහා සිදුකරන සේවාව ක්‍රම ක්‍රමයෙන් පුළුල් කරමින් නාලිකාව දියුණු කිරීමටද බලාපොරොත්තු වේ. ආරම්භක දිනය: 2020/10/23

නිළධාරි මණ්ඩලය

  නිර්මාතෘවර හා විධායක අධ්‍යක්ෂක - අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර.

සහය අධ්‍යක්ෂකවරු -

  ප්‍රදීප් ලක්මාල් රණසිංහ මහතා

  එච්.ඩි.හංසික සඳරුවන් හටන්ගල මහතා

  එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි මහතා

පදනමේ හා රූපවාහිනී නාලිකාවේ තේමා ගීතය