ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කළුතර තොටමුණේ ප්‍රධාන සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රගුප්ත සද්ධර්මවාගීස්වර අතිපුජ්යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ. විහාරස්ථානයෙහි නිර්මාතෘවරයාණන් වහන්සේ අතිගරු දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ වන අතර ක්‍රි.ව.1918 අප්‍රේල් මස 13 වන දින උඩවත්ත කංකානම්ගේ දොන් බාරොන් මුදලාලි මහතා හා කඹුරාවල කංකානම්ගේ එම්පනෝනා උපාසිකා මාතාව යන දම්පතීන්ට දාව ජන්ම ලාභය ලබන ලද අතර තුඩුගල රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලබන ලදී.
- පැවිදි වූ දිනය - ක්‍රි.ව.1929 ජූලී මස 29 වන දින .
- ආචාර්යන් වහන්සේ - දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිපති අතිපූජ්යපාද මාවනානේ ශ්‍රී දේවානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ
- කර්මාචාර්යන් වහන්සේ - කොහොලාන ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති අතිපූජ්‍ය මලේගොඩ ඥාණරතන නාහිමිපාණන් වහන්සේ
- පිරිවෙන් අධ්‍යාපනය - ක්‍රි.ව.1931 ජුනි 01 වැනිදා අගලවත්ත ප්රතිරාජ මහා පිරිවෙණට ඇතුලත් වීම.
උපසම්පදාව - ක්‍රි.ව. 1940 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේදී
අධ්‍යාපන සේවය
අඹගහ කුඹුර පාසල ආරම්භ කිරීම. ( ක්‍රි.ව 1957 )
මිනුවන්දෙනිය පාසල ආරම්භ කිරීම
කජුදූව පාසල ආරම්භ කිරීම ( ක්‍රි.ව 1988.01.01 )
කොස්වත්ත පාසල ආරම්භ කිරීම
දොඩම්ගොඩ නැගෙනහිර පාසල ආරම්භ කිරීම ( නවෝද්‍යා පාසල )
බෙක්කේගම පාසල ආරම්භ කිරීම
අඹගහකුඹුර ගම්මානයේදී දහම් පාසලක් ආරම්භ කිරීම ( ක්‍රි.ව 1959.01.08 )
දොඩම්ගොඩ ශ්‍රී දේවානන්ද දහම් පාසල ආරම්භ කිරීම ( ක්‍රි.ව.1961.01.01 )
ආරම්භ කරන ලද නව විහාරස්ථාන
ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය ආරම්භ කිරීම. ( ක්‍රි.ව 1985 )
හර්මන්වත්ත භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීම ( ක්‍රි.ව 1997 )
ශාසනික පදවි -
ක්‍රි.ව. 1994 ජුනි මස 06 වන දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රගුප්ත යන ගෞරව නාමය සහිතව කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.
විහාරාධිපති - දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය
විහාරාධිපති - ලියනගොඩ ශ්‍රී පියරතනාරාම විහාරය
නිර්මාතෘවර හා ප්‍රධාන අනුශාසක - ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය
නිර්මාතෘවර හා විහාරාධිපති - හර්මන්වත්ත භාවනා මධ්‍යස්ථානය
අනුශාසක - හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම මහා විහාරය
අනුශාසක - හැටන් කුඩාගම ශ්‍රී විමලාරාම විහාරය
විදෙස් ධර්ම දූත මෙහෙවර
ඉන්දියාව,තායිලන්තය ,නේපාලය,සිංගප්පූරුව,මැලේසියාව,ජපානය,ඔස්ට්‍රේලියාව,ඉන්දුනීසියාව, ආදී රටවල ධර්ම දූත මෙහෙවරෙහි නිරතව ඇත
පැවිදි සම්බන්ධතා
ඉන්දියා මහා බෝධි සමාගමේ හිටපු මහා ලේකම් අපවත් වී වදාල අතිපූජ්යපාද බටුවන්ගල ජිනානන්ද හිමි - පැවිදි සහෝදර
දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය ප්‍රධාන විහාර ගණයෙහි අධිපති,ඉන්දියා මහා බෝධි සමාගමෙහි හිටපු මහා ලේකම්, වර්තමාන අනුශාසක, භාරතයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දොඩම්ගොඩ රේවත නායක මාහිමි - පැවිදි ශිෂ්‍ය
දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිකාරී, අදිකාරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරාධිපති, බටහිර පස්දුන් කෝරලයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍යපාද දොඩම්ගොඩ උදිත හිමි - පැවිදි ශිෂ්‍ය
ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයෙහි කථිකාචාර්ය, දොඩම්ගොඩ ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍යපාද දොඩම්ගොඩ සුමනසාර හිමි - පැවිදි ශිෂ්‍ය
ලියනගොඩ ශ්‍රී පියරතනාරාම විහාරාධිකාරී පූජ්‍යපාද බෝපිටියේ තපස්සි හිමි - පැවිදි ශිෂ්‍ය
ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය, මුළු දිවයිනටම සාමවිනිසුරු පූජ්‍යපාද දොඩම්ගොඩ සුමේධ හිමි - පැවිදි ශිෂ්‍ය
අපවත් වීම - ක්‍රි.ව 2013 මැයි මස 18 වන දින
දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානය ප්‍රධාන විහාර ගණයෙහි ආධිපත්‍ය ඉසිලූ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කළුතර තොටමුණේ ප්‍රධාන සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රගුප්ත සද්ධර්මවාගීස්වර අතිපූජ්යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ කියන දේ කරන, කරන දේ කියන කිසිවෙකුටත් භය නැති සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකරන ලද එඩිතර නායක මාහිමිපාණන් වහන්සේ නමකි.
01.නම :
ගිහි නම : කඹුරාවල කංකානම්ගේ දොන් ජනක සම්පත් රණවිර
පැවිදි නම : පුජ්‍ය දොඩම්ගොඩ සුමේධ ස්ථවිර
02. උපන් දිනය : 1982 /10/23
03. පැවිදි වූ දිනය හා ස්ථානය : 1997/04/17 දකුණු කළුතර දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේදී...
04. උපසම්පදා වූ දිනය හා ස්ථානය : 2003/06/19 දින කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී..
05. පැවිදි උපසම්පදාව ලියාපදිංචිය පිළිතුරු තොරතුරු :
සාමණේර අංකය : 43165 / උපසම්පදා අංකය : 40054
06. අයත් නිකාය හා පාර්ශවය : ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය - කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව
07. පැවිදි කළ ගුරුතුමා - දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය ප්‍රධාන විහාර ගණයෙහි ආධිපත්‍ය ඉසිලු සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කළුතර පළාතේ ප්‍රධාන සංඝ නායක අතිගරු දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ ( 2013 වසරේදී අපවත් වී වදාළහ )
08. පැවිදි වීමේදී උපාධ්‍යයන් වහන්සේ හා කර්මාචාර්යන් වහන්සේ -
09. උපසම්පදාවේදී උපාධ්‍යායන් වහන්සේ හා කර්මාචාර්යන් වහන්සේ -
10. දෙමව්පියන් :
මව : ඇලිස්නෝනා විජේවර්ධන මහත්මිය / පියා : කේ.කේ.ඩී.පියදාස රණවිර මහතා
11. ගිහි ජිවිතයේ සහෝදරයින්
12. සාංසාරික සහොදරයන් හා කල්‍යාණමිත්‍රයන්
13. පැවිදි සහෝදරයන්
14. පැවිදි ශිෂ්‍යයන්
15. අධ්‍යාපනය ලද මධ්‍යස්ථාන
ඇතුලත් වූ වර්ෂය 2012
16. අධ්‍යාපනික ජයග්රාහණ හා වෙනත් කුසලතා
ගිහි කාලය :
1994 –
1995 -
1996 –
පැවිදි දිවිය
1998 - පිරිවෙන් මධ්‍යවාර පරීක්ෂණය හා අවසාන වාර පරීක්ෂණය - 3 වසර - ප්‍රථම ස්ථානය
1999 - පිරිවෙන් මධ්‍යවාර පරීක්ෂණය හා අවසාන වාර පරීක්ෂණය - 4 වසර - ප්‍රථම ස්ථානය
2000 - පිරිවෙන් මධ්‍යවාර පරීක්ෂණය හා අවසාන වාර පරීක්ෂණය - 5 වසර - ප්‍රථම ස්ථානය
2001 - පිරිවෙන් මධ්‍යවාර පරීක්ෂණය හා අවසාන වාර පරීක්ෂණය - ප්‍රාචීන ප්‍රාරම්භ - ප්‍රථම ස්ථානය
1998 - දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සමත් වීම
1999 - බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම
2000 –
2002 –
2003 - ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම පරීක්ෂණය සමත් වීම ( අධ්‍යයන කාලය වසරයි )
2004 –
2004/2005 කැලණිය විශ්ව විද්‍යාලයෙහි අභ්‍යන්තර සිසුවෙකු ලෙස අධ්‍යයන කටයුතුවල නිරතව පළමු වසර සම්පුර්ණ කොට නිවාඩු ගෙන විදෙස් ගත විය. බෞද්ධ දර්ශනය, පාලි හා ක්‍රිස්තියානි සංස්කෘතිය පිළිබඳව අධ්‍යයන කටයුතු සිදුකල අතර විශ්ව විද්‍යාලයට ඒ වසරේ ඇතුලත් වූ සිසුන් අතර කළා අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් සිසුන් 50 දෙනාගෙන් අයෙකු වීම නිසා කලා විෂයන්ට අමතරව පරිගණක තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව හිමි වූ අතර ඒ අවස්ථාව ගිහි සිසුවෙකුට පිරිනමන ලදී. එමෙන්ම නැවත ලංකාවට පැමිණි පසුව සෙනෙට් සභාව මගින් උපාධිය සම්පූර්ණ කිරීමට අවසර ලබාදුන් නමුත් ගුරුහිමියන්ගේ කැමැත්ත පරිදි විහාරාධිපතිත්වය හිමි වූ නිසාවෙන් විහාරාධිපතිත්වයේ හා දහම් පාසලේ වගකීම්වල කාර්ය බහුලත්වය මත උපාධිය සම්පූර්ණ කිරීමට අපහසුතා පැන නැගුනු නිසාවෙන් උපාධිය සම්පූර්ණ කිරීම නවතන ලදී.
2006 - විනයාචාර්ය උපාධිය ලැබීම ( ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව - විද්‍යෝදය මහා පිරිවෙණ ) 2012 - ප්‍රාචීන පණ්ඩිත අවසාන පරීක්ෂණය සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබීම. ( අධ්‍යයන කාලය මාස 3 ) 2013 - සද්ධර්මාචාර්ය උපාධිය ලැබීම - ( ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව - විද්‍යෝදය මහා පිරිවෙණ )
1998 –
1999 - සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගය - කළුතර දිස්ත්‍රික්කය - ප්‍රාථමික අංශය - සිංහල ගද්‍ය රචනා - ප්‍රථම ස්ථානය
2000 –
2001 –
2002 -
2003 -
2006- IELTS Exam General Training ( 4.5 )
2007 – ESOL Exam Entry 2 – City & Guilds – United Kingdom
2014 – IELTS Exam General Training ( 5.5 )
2015 – IELTS Exam General Training ( B2 Level )
2016 – ESOL Exam Level 1 – City & Guilds – United Kingdom
2016 –Certificate from the University of Leicester for attended an 18 hours English Course in the Upper – Intermediate class taught as part of the training programme for Cambridge CELTA.
2017 - Trained Demonstrated Competence in Basic Life Support skills and knowledge by Pro Medicus Ltd – United Kingdom
17. තනතුරු
2011 - උප සභාපති - කළුතර දිස්ත්‍රික් සාමග්‍රී භික්ෂු සංවිධානය nbsp; 2012 වසරේ සිට 2013 දෙසැම්බර් දක්වා - උපගුරු - මලේගොඩ සිරි නන්දන ත්‍රිපිටක ධර්මායතන මහා පිරිවෙණ - මලේගොඩ
2012 - උප ලේඛම් - ත්‍රිපිටක ධර්මය ගුරු සංගමය - කළුතර දිස්ත්‍රික්කය
2013 - ලේඛම් - ත්‍රිපිටක ධර්මය ගුරු සංගමය - කළුතර දිස්ත්‍රික්කය
2014 ජනවාරි සිට 2014 නොවැම්බර් දක්වා - උපගුරු හා වැඩබලන පරිවෙණාධිපති - බෝම්බුවල ශ්‍රී දස්සනසාර ධර්මායතන මුලික පිරිවෙණ - බෝම්බුවල -
සාමාජික -
මිට අමතරව ප්‍රදේශයේ සමිති සමාගම් කිහිපයකම අනුශාසක ධූරය හොබවනු ලබයි.
18. ලබා ඇති ගෞරව නාම :
“ ශ්‍රී සද්ධර්මවාගීස්වර ධර්ම විශාරද විචිත්‍ර භාණී විශ්ව කිර්ති” – 2019
“ ශාසන විභුෂණ සරභඤ්ඤ විශාරද ත්‍රිපිටකාචාර්ය” – 2020
19. ලංකාව තුල සිදු කරන ලද සේවාවන්
ඉසුරුපුර විහාරස්ථානයෙහි විහාරාධිපති පදවියට පත්වීම -
ක්‍රි.ව. 1985 දී ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති පදවිය නිර්මාතෘවර විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ සතු වුව ද ඉසුරුපුර විහාරස්ථානයෙහි අනේවාසික වූ අතර උන්වහන්සේගේ අවසරයෙන් හිමිවරු කිහිප නමක් වැඩ සිටිය ද ඒ සියල්ලෝම හදිසියේම උපැවිදි බවට පත්විය.මේ නිසාවෙන් විහාරස්ථානයට ස්ථිර නේවාසික භික්ෂූන් වහන්සේ නමක් නොසිටි අතර බොහෝ දායක පින්වතුන්ගේ කලකිරීමට ලක්විය. බොහෝ දෙනෙකුගේ නොමද ගෞරවය හා විශ්වාසය ලබා සිටි දොඩම්ගොඩ සුධම්ම හිමිපාණන් වහන්සේ උපැවිදි වීම විහාරස්ථානයෙහි සීඝ්‍ර පරිහානියට හේතුව විය. විවිධ දුෂ්කරතා මැද ඉදිරියට යන මෙම විහාරස්ථානයෙහි අනාගතය පිළිබඳව නිර්මාතෘවර විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ බොහෝ කම්පාවට පත්විය.එසේ කම්පාවට පත්ව විහාරස්ථානයෙහි අනාගත සංවර්ධනය උදෙසා නැවතත් ලංකාවට වැඩම කොට ඉසුරුපුර විහාරස්ථානයෙහි වැඩ කටයුතු සොයා බලමින් ඉසුරුපුර විහාරස්ථානයෙහි වැඩ වාසය කරන ලෙස දන්වමින් තමන් වහන්සේගේ දයාබර කීකරු ශිෂ්‍ය මහා බ්‍රිතාන්‍යයෙහි ධර්ම දූත මෙහෙවරෙහි නිරතව සිටි පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේට ලිපියක් යවන ලදී.තම ගුරු හිමියන්ගේ ඉල්ලීම පරිදි ලංකාවට වැඩම කළ පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේට ඉසුරුපුර විහාරස්ථානයෙහි අධිපති පදවිය ලබාදෙන ලෙස සතර පේරුවේ දායක පින්වතුන් විසින් කරන ලද ආරාධනාවට කන් යොමුකළ අතිපූජ්යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ 2008 දෙසැම්බර් මස 04 වන දින ඉසුරුපුර විහාරස්ථානයෙහි අධිපති පදවිය විහාරස්ථානය සතු දේපල වල අයිතිය සමගින්ම පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේට පිරිනමන ලදී.
විහාරස්ථානයට අඩුපාඩු භෞතික සැප සම්පත් පිළිබඳව කල්පනා කල උන්වහන්සේ තමන් වහන්සේ විහාරාධිපති පදවියට පත් වූ දිනයේම දාන ශාලාව, ධර්ම ශාලාව, සංඝාවාසය, හා හිඳි හිටි සැතපෙන යන තුන් ඉරියව්වෙන් සමන්විත බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුන්නමක් සහිතව ධාතු මන්දිරයක් හා සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන සූර්ය පැනල සහිත සිව් මහල් මන්දිරයක් ගොඩ නගන්නට මුල්ගල් තබන ලදී. එමෙන්ම පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමියන් තමන් වහන්සේගේ සංඝ පරම්පරාවට කරන උසස්ම ගෞරවයක් වශයෙන් සලකා එම සිව් මහල් මන්දිරය තුල ඉදිවෙන දානශාලාව දොඩම්ගොඩ සුදස්සි මාහිමි දානශාලාව යනුවෙන් ද , ධර්ම ශාලාව මාවනානේ ශ්‍රී ඉන්ද්‍රගුප්ත මාහිමි ධර්ම ශාලාව යනුවෙන් ද , සංඝාවාසය මාවනානේ ශ්‍රී දේවානන්ද මාහිමි සංඝාවාසය යනුවෙන් ද නම් කරන්නට වූ අතර සම්පූර්ණ සිව් මහල් මන්දිරයම දොඩම්ගොඩ ශ්‍රී ඉන්දසර නාහිමි සිව් මහල් මන්දිරය යනුවෙන් නම් කරන්නට අධිෂ්ඨාන කිරීම ද සුවිශේෂී කරුණකි.
විහාරස්ථ චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු කිරීමේදී සුවිශාල අභියෝග බාධා කරදර රාශියකට මුහුණ දුන් විහාරාධිපති පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේ එම අභියෝගය ද සාර්ථකව ජයගත් අතර ක්‍රි.ව.2014 මැයි මස 02 වන සිකුරාදා දින පෙ.ව.8.23 ට යෙදුනු සුභ මොහොතින් ශ්‍රී ලංකා ජන රජයෙහි අග්‍රාමාත්‍යවර දී.මූ.ජයරත්න අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගිත්වයෙන් අති සම්භාවනීය මහා නායක අනුනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන 150කට ආසන්න මහා සංඝරත්නයෙහි ආශීර්වාද මැද තමන් වහන්සේගේ ගුරුදේවෝත්තම අතිපූජ්යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේගේ වර්ෂ පුර්ණ පිංකමට සමගාමිව විවෘත කරන්නට වූහ.
එමෙන්ම විහාර සංවර්ධනය උදෙසා අසූ මහා ශ්‍රාවක පිංකම්,තෙසත්තෑ ඥාණ පූජා පිංකම්,සතියක් අටපිරිකර සහිතව අටවිසි බෝධි පූජා පිංකම්,සල්පිල්,භක්ති ගීත වැඩසටහන්,පාර්ශව පිරිත් දේශනා පිංකම්,පිණ්ඩපාත චාරිකා,කඨින මහා පිංකමට නව ආලෝකයක් දෙමින් ගම වටා මහා සංඝරත්නය පිරිත් දේශනා කරමින් වැඩම කිරීම,වාර්ෂිකව ගම වටා පිරිත් දේශනා කිරීම , කාව්‍යමය ධර්ම දේශනා,යුගාසන කවි බණ, ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේලාව වඩම්මවා විශේෂ ධර්ම දේශනා සිදු කිරීම, තොරණ නිර්මාණය, රූකඩ සංදර්ශන මේ ආදී නොයෙකුත් දේ සංවිධානය කරමින් විහාරස්ථානයට හා ගම්මානයට නව ආගමික ප්රබෝධයක් පූජ්‍යපාද දොඩම්ගොඩ සුමේධ හිමියන් විසින් ලබා දුන්හ.
වර්තමානයේත් එලෙසින්ම සක්‍රීය සුවිශාල සේවාවක් සිදුකරන උන්වහන්සේ දේශීය විදේශීය දායක කාරකාදින්ගේ නොමසුරු ආධාර උපකාර හා තමන් වහන්සේගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ද විහාරස්ථානය ක්‍රම ක්‍රමයෙන් දියුණු කරමින් මහා විහාරස්ථානයක් බවට පත්කල අතර විවිධාකාර බාධක කම්කටොළු අභියෝග ජයගනිමින් සුවිශාල අසමසම සේවාවක් සිදුකරමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල ශක්තියක් සපයන ඉතාමත් තරුණ භික්ෂූන් වහන්සේ නමකි.ඉතාමත්ම ලාබාල වයසේදීම ඉහල අධ්‍යාපනයක් හා විවිධ තනතුරු ගෞරව නාම ලබමින් දේශීය වශයෙන් ද හා විදේශීය වශයෙන් ද ධර්ම දූත මෙහෙවරෙහි නිරත උන්වහන්සේ ඕනෑම ආගමික කටයුත්තක් දායක පින්වතුන් තුල බුද්ධාලම්භන ප්‍රීතිය උපදවන අයුරින් ඉතාමත් හොදින් සිදුකිරීමට සහජ දක්ෂතා පවතින සංසාරික පළපුරුද්දක් සහිත තරුණ භික්ෂූන් වහන්සේ නමකි. ( ධර්ම දේශනා / බෝධි පුජා / පිරිත් දේශනාව - පේ කිරීම හා පිරිත් පිරිම ඇතුළුව )
ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානය දායක පවුල් 1250 කින් පමණ සමන්විත විහාරස්ථානයක් වන අතර එමෙන්ම දහම් පාසලේ ද දරුවන් 650කට ආසන්න පිරිසක් දහම් අධ්‍යාපනය හදාරනු ලබයි . බොහෝ බාධක කම්කටොළු පැමිණිය ද තමා භාරගත් කටයුත්ත තම ගුරු හිමියන් ගිය මග යමින් වඩාත් පිළිවෙලකට ඉදිරියට කරගෙන යාමට අදිටන් කරගත් පූජ්‍යපාද දොඩම්ගොඩ සුමේධ හිමිපාණන් වහන්සේ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානයෙහි නූතන සංවර්ධනයෙහි පුරෝගාමී යතිවරයාණන් වහන්සේය.
01. නිර්මාතෘවර උත්තම උපහාර පූජාව
02. ඉසුරුපුර මහා විහාර ගීතය මංගල ගායනාව
03. විහාරස්ථ නිල වෙබ් අඩවිය විවෘත කිරීම
2003 - සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම - මතුගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය 2009 - සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම - බේරුවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය 2010 - සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම - කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය
2012 - සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම - කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය
1997 - උපගුරු - ශ්‍රී දේවානන්ද දහම් පාසල - ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය - දොඩම්ගොඩ 1998 සිට 2004 දක්වා - උපගුරු - ශ්‍රී සුචරිතෝදය දහම් පාසල - වරකාගොඩ ගල්ලෙන රජ මහා විහාර මහා පිරිවෙණ
2005 අප්‍රේල් මස සිට 2006 ජූලි දක්වා - උපගුරු - ශ්‍රී කල්‍යාණි දහම් පාසල - කැලණිය රජ මහා විහාරය 2004 නොවැම්බර් සිට 2005 අප්‍රේල් මස දක්වා - උපගුරු හා ප්‍රධානාචාර්ය - ශ්‍රී දේවානන්ද දහම් පාසල - ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය - දොඩම්ගොඩ
2009 වසරේ සිට අද දක්වා - ප්‍රධානාචාර්ය - ශ්‍රී ඉන්දසර දහම් පාසල - ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය - දොඩම්ගොඩ - කළුතර දකුණ
20. ජාත්‍යන්තර ධර්ම දුත මෙහෙවර හා සම්බන්ධ විස්තර
වරකාගොඩ ගල්ලෙන රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්යපාද දඹර රේවත නායක මාහිමිපාණන් වහන්සේගේ හා එවකට තත් පරිවේණාධිපති වර්තමාන විහාරාධිපති නැගෙනහිර පස්දුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත අතිපූජ්යපාද පෝරුවදණ්ඩේ සුමන නායක මාහිමිපාණන් වහන්සේ යටතේ මූලික පිරිවෙන් අධ්‍යාපනය ලද පූජ්‍යපාද දොඩම්ගොඩ සුමේධ හිමියන් පිරිවෙණෙහි දක්ෂතම සිසුවා බවට පත් වූ අතර එම දක්ෂතා නිසාවෙන්ම රාජකීය පණ්ඩිත පෝරුවදණ්ඩේ සුමන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මහා බ්‍රිතාන්‍යයේ ලෙච්වර්ත් බෞද්ධ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍යපාද නාහල්ලේ රාහුල හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් මහා බ්‍රිතාන්‍යයට 2004 වර්ෂයේදී මව්රටින් බැහැර විදෙස් රටක් සඳහා වැඩම කරමින් තමන් වහන්සේගේ ජාත්‍යන්තර ධර්ම දූත මෙහෙවර ආරම්භ කරන්නට පූජ්‍යපාද දොඩම්ගොඩ සුමේධ හිමියෝ ලාබාල වයසේදීම වාසනාවන්ත වූහ.
21. වැඩම කරන ලද රටවල් : එක්සත් රාජධානිය , ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ඩුබායි,කැනඩාව
22. රචනා කරන ලද ග්රන්ථ :
ධම්මපදාගත උපමා - 2003 වර්ෂය ( උපසම්පදාවේදී රචිත මාගේ පළමු ග්‍රන්ථය වන මෙය අප උතුම් සංඝ සභාවේ විශේෂ ඇගයීමට ද ලක්විය )
නිවන් මගට රුවන් දොරටු - 2008 වර්ෂය
සිරි සුමේධ දම් දෙසුම් වෙළුම අංක 01 – 2011 වර්ෂය
සිරි සුමේධ දම් දෙසුම් වෙළුම අංක 02 – 2013 වර්ෂය
ප්‍රධාන සංස්කාරක - පරමාදර්ශී ධර්ම දූතයාණෝ - අතිගෞරවාර්හ කැප්පිටියාගොඩ ගුණවංශ යතිවර ප්රණාම පූජා ( මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක මා හිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියේ වසර 50 සැපිරීම වෙනුවෙණි ) – 2015 වර්ෂය
23. රුධිරය පරිත්‍යාග කිරීම :
ලංකාවේදී 4 වතාවක් ලේ පරිත්‍යාග කර ඇති උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යයේදී 9 වතාවක් ලේ ප්රදානය කොට ඇත. සම්පූර්ණ ලේ දන්දීම් 13කි. ( 2017 වසර වන විට )
24. වෙනත් විශේෂ සහභාගිවීම් :
1999 –